Social Icons

Pages

Monday, June 16, 2014

අටවිසි පිරිත සහ සිංහල අර්ථය


අට විසි බුදුරජාණන් වහන්සේලා අටවිසි පිරිත සහ එහි සිංහලාර්ථය


1. තණ්හංකර බුදු රජාණන් වහන්සේ
2. මේධංකර බුදු රජාණන් වහන්සේ
3. සරණංකර බුදු රජාණන් වහන්සේ
4. දීපංකර බුදු රජාණන් වහන්සේ
5. කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
6. මංගල බුදු රජාණන් වහන්සේ
7. සුමන බුදු රජාණන් වහන්සේ
8. රේවත බුදු රජාණන් වහන්සේ
9. සෝභිත බුදු රජාණන් වහන්සේ
10. අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
11. පදුම බුදු රජාණන් වහන්සේ
12. නාරද බුදු රජාණන් වහන්සේ
13. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
14. සුමේධ බුදු රජාණන් වහන්සේ
15. සුජාත බුදු රජාණන් වහන්සේ
16. පියදස්සි බුදු රජාණන් වහන්සේ
17. අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
18. ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
19. සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
20. තිස්ස බුදු රජාණන් වහන්සේ
21. ඵුස්ස බුදු රජාණන් වහන්සේ
22. විපස්සී බුදු රජාණන් වහන්සේ
23. සිඛී බුදු රජාණන් වහන්සේ
24. වෙස්සභූ බුදු රජාණන් වහන්සේ
25. කකුසඳ බුදු රජාණන් වහන්සේ
26. කෝණාගම බුදු රජාණන් වහන්සේ
27. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ
28. ගෞතම බුදු රජාණන් වහන්සේ

තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ

කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ - මංගලො පුරිසාසභෝ
සුමනො සුමනො ධීරෝ - රෙවතෝ අරති වද්ධනෝ

සොභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සි ජනුත්තමෝ
පදුමො ලෝකපජ්ජොතෝ - නාරදො වරසාරථි

පදුමුත්තරො සත්තසාරෝ - සුමේධො අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නාරාසභෝ

අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථා අසමෝ ලෝකේ - තිස්සො වරදසංවරෝ

ඵුස්සො වරද සම්බුද්ධෝ - විපස්සී ච අනූපමෝ
සිඛී සබ්බහිතෝ සත්ථා - වෙස්සභූ සුඛ දායකෝ

කකුසන්ධො සත්ථවාහෝ - කොණාගමනො රණංජහෝ
කස්සපො සිරි සම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ

තෙසං සච්චේන සීලේන - ඛන්ති මෙත්තා බලේන ච
තෙපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛෙන චාති

අට්ඨවීසතිමෙ බුද්ධා - පූරෙත්වා දස පාරමී
ජෙත්වා මාරාරි සංගමං - බුද්ධත්තං සමුපගමුං
ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

මෙම අටවිසි පිරිතෙහි ඒ ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යොදා
ඇති සුවිශේෂ බුදු ගුණය සියලු බුදුරජාණන් වහන්සේලා කෙරෙහිම
පවත්වන ගුණසමුදායයටම අයත් බව ශ්‍රද්ධාවෙන් සැලකිය යුතුය.
පිරිත් දේශනය සකස් කිරීමේදී එහි කාව්‍යමය භාවය රැකීම සඳහාත්
විශේෂණයක් ලෙස යෙදීම සඳහාත් අලංකරණය කිරීම සඳහාත්
මෙසේ යොදවන්නට ඇත.

(ඒ විශේෂණ පදයන් යොදවා මා විසින් මෙසේ මේ අටවිසි බුද්ධ වර්ණනා
   පිරිත සිංහල පද්‍යයක් ලෙස රචනා කරන්නට යෙදුනෙමි)

මහා වීරැති තන්හංකර බුදු            - මහා යසස ඇති මේධංකර බුදු
ලෝක හිතැති සරණංකර බුදුහිමි - ගුණයෙන් බැබලෙන දීපංකර හිමි

සියලු සතට නායක කොණ්ඩඤ්ඤො - මහාපුරුෂ වූ මංගල සමිඳෝ
මනා සිහිය ඇති දිරිය සුමණ බුදු        - කිසිවක නොඇලුනු රේවත බුදුහිමි

ගුනයෙන් සපිරුනු සොභිත බුදුරජ    - අනෝමදස්සී ජන උත්තම බුදු
ලොව එළිකල පදුමුත්තර බුදුරජ       - උතුම් මග කියූ නාරද බුදුහිමි

සියලු සතුන් සරු කල පදුමුත්තර     - අග්‍ර පුරිස වූ සුමේධ බුදුරජ
ලොවට අග්‍ර වූ සුජාත බුදුරජ            - අති උත්තම පියදස්සී බුදුරජ

කරුණා ගුණ ඇති අත්ථදස්සී බුදු       -අඳුර දුරුකල ධම්මදස්සී බුදු
ලොවෙහි අසම වූ සිදුහත් බුදුරජ     - නිවනින් සැනසූ තිස්සො බුදුරජ

නිවන් මගම දුන් ඵුස්සො බුදුරජ     - උපමා කොට බැරි විපස්සී බුදුරජ
සැම හිත සැනසූ සිඛී මුනින්දෝ      - සියලු සැපය දුන් වෙස්සභූ මුනිඳුන්

උතුම් ඇදුරිඳු කකුසඳ මුනිරජ          - කෙලෙස් රහිත කෝණාගම බුදුරජ
සිරියෙන් සපිරුනු කාශ්‍යප බුදුරජ   - ශක්‍ය කුලෙන් වැඩි ගෞතම බුදුරජ....
(බුද්ධ වර්ණනාව රචනය - ජයන්ත කොළඹගේ)


1 comment:

Anonymous said...

Sadu Sadu Sadu!

 
Blogger Templates