Social Icons

Pages

Saturday, January 26, 2013

කාම භවය


කාමාවචර’ යන්නෙහි අදහස වන්නේ කාම භූමියෙහි හැසිරෙන ‘යන්නයි. පුද්ගලයා විසින් කරනු ලබන කුසල් හා අකුසල් කාමාවචර කර්ම වශයෙන් ගත හැකිය. 

කාමභූමි එකොළහකි
 (11) අපාය සතරකි. දිව්‍යලෝක හයකි. මනුෂ්‍යලෝකයි.

මේ කාම භව එකොළහේම උපදින සත්වයෝ ඇස, කන, නාසය, දිව හා කය යන පංච ඉන්ද්‍රිියන්ට ගොදුරුවන රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණූ ගනී.

තමන්ගේ ඇසට ප‍්‍රිය රූප දැකීමටත් කනට පි‍්‍රය කාචයක් උපදින ශබ්ද ඇසීමටත්, නාසයට පි‍්‍රයතාව උපදවන සුවඳ ආග‍්‍රහනය කිරීමටත් දිවට පි‍්‍රය උපදවන රස විදීමටත් ශරීරයට පි‍්‍රයවන ස්පර්ශය ලැබීමටත් කාමාවචර භූමියේ උපදින සත්වයෝ පි‍්‍රය මනාප වෙති.

ඔවුහු තම කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නේ මෙකී ඉඳුරන් පිනවීමටය. මේ හේතුව නිසාම ඔවුහු කාමාවචර සත්ත්වයෝ වෙති.
කාමාවචර පුද්ගලයා පින් දහම් කරන්නේද මතු සදහන් කරන ලද ඉන්ද්‍රියයන් පිනවීමටයි. එමෙන්ම හොඳ හොඳ භවයන්හි ඉපදීමටය. එය තෘෂ්ණාවකි. එසේ යම් කෙනෙකු කෙරෙහි සාධාරණ ප‍්‍රශ්නයක් ඇති විය හැකිය. තෘෂ්ණාවෙන් මිශ‍්‍ර වූ කි‍්‍රයා කුසලයක් වන්නේ කෙසේ ද? යනුවෙනි.

උදාහරණයක් ලෙස මෙසේ දැක්විය හැකිය. දානයක් පිරි නමන අවස්ථාවේදි දානය දෙන පුද්ගලයාට පහළ වන්නේ නිර්ලෝභි චේතනාවකි. එය කුසලයකි. එහෙත් ඔහු බලාපොරොත්තු වන්නේ අනාගත භවයේ උසස් සැපතකි. තෘෂ්නාව සම්බන්ධ වන්නේ අනාගතයේ ලැබෙන විපාකය සමඟය. එම නිසා මෙහි ගැටුමක් ඇති නොවේ.

බුදු දහමේ කාමාවචර කුශල කි‍්‍රයා තෛවැදෑරුම් ය.
1.ති‍්‍රහේතුක
2.ද්විහේතුක
3. අහේතුක වශයෙනි

සූරක්කුලමේ විසුද්ධ හිමි
වලහපිටිය මහ විදුහලේ ධර්මාචාර්ය
මහවැව ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක
බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී
විහාරාධිපති,
ධර්මේශ්වර දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය

එකී භේදය ඇතිවන්නේ පින්කම් කරන පුද්ගලයාට ඇතිවන සිතිවිලි අනුවයි. පින්කමක් කරනවිට කිසියම් පුද්ගලයෙකු නුවණින් සලකා බලා මෛති‍්‍ර සහගතව නිර්ලෝභීව අලෝභ අද්වේෂය අමෝහය කුසලමුල් ඉදිරිපත් කරගෙන එය කරයි ද ඔහු කෙරෙහි ඇති වන්නේ ති‍්‍රහේතුක කුසල විපාකයයි.
ද්විහේතුක කුශලයක් යනු දන්දෙන පුද්ගලයාගේ අමෝහය, අද්වේශය පමණක් දුරු කරමින් කරනු ලබන පින්කම නිසා ඇති වන තත්ත්වයයි. එහිදී ඔහු හෝ ඇය අමෝහයට දුරු නොතිබීම නිසා ද්විහේතුක වේ. එම කර්මය ශක්තිමත් ෂපාක ගෙන නොදෙයි.

කර්මය, කර්ම භව පිළිබඳ අවබෝධයක් නැතිව යමෙක් ලෝභය, ද්වේශය, මෝහය තාවකාලිකව හෝ යටපත් නොකොට කළ යුතු නිසාම දානයක් පිරිනමයි. සැබවින්ම ඔහුට එහි විපාකය අහේතුකය. එබදු කුශල කර්ම යහපත් වූ විපාක ගෙන නොදෙයි.
දුර්වල කුසලයාගේ විපාකද දුර්වලය. ඵලය වනුයේ අඳ, ගොළු, බිහිරි, කොරුන් වැනි අංග විකලයන් වශයෙන් භවයක් ලැබීමයි.
කාමාවචර අකුසල් පිළිබඳ ද මෙහිදි විස්තර කළ යුතුය. සිත කය වචනය මුල් කරගෙන අකුසල් සිදු වුවද එය අපාගත වීමටම හේතු නොවේ. අකුසලයක විපාක ලැබෙනුයේ ඒ කි‍්‍රයාව නිසා තමන්ට හෝ අනුන්ට මුහුණ දිමට සිදුවන තත්වය අනුවයි. ලෝභය ද්වේෂය මෝහය යන අකුසල් තුන එකවර එකට යෙදිය නොහැකියි. එනිසා ති‍්‍රහේතුක අකුසල් නූපදී. ද්විහේතුක අකුසල් සිදුවිය හැකියැයි අභිධර්මයේ සඳහයන් වේ.

කාම භූමි අතර සුගති හා දුගති වශයෙන් කොටස් දෙකකි. කාමාවචර කුසල සිත් සුගති විපාක ලබා දෙන අතර කාමාවචර අකුසල සිත් දුගතියේ විපාක ලබා දෙයි. දුගතිය වශයෙන් නරකය තිරිසන් පේ‍්‍රත, අසුර යනු සතර අපායද සුගතිය වශයෙන් මනුෂ්‍ය භූමිය, චාතුර්මසනරාජිකයව, තාවතිංසය, යාමය තුසිතය, නිම්මාතරතිය, පරනිම්මිත වසවත්ති යන භූමි සුගතිගාමි භූමි වශයෙන්ද සැලකේ.


No comments:

 
Blogger Templates