Pages

Friday, October 19, 2012

ආශ්‍රව දුරු කිරීම -05



















පසුගිය ලිපියෙන් අපි සිල්වත් වූ අයෙක් දෘෂ්ඨීන් වලට නොපැමිණ
කාමයන්ට ඇති තන්හාව අත්හැර සම්මා දිට්ඨිය තුලින් කාමලෝකයේ‍
උපත සඳහා නැවත මවුකුසකට නොපැමිණෙන ප්‍රතිපදාව ගැන මූලික
හැඳින්වීමක් කලා..
මෙතැනින් ඒ ලිපිය බලන්න

අද අපි සබ්බාසව සූත්‍රයේ සඳහන් වන ආශ්‍රව දුරු කිරීමේ ඊලඟ
පර්යාය වන සංවරා පහාතබ්බං හෙවත් සංවරයෙන් දුරු කල යුතු
ආශ්‍රව සහ ක්‍රමවේදය ගැන සැකවින් සලකා බලමු..

සංවරා පහාතබ්බං යනු මනා සිහියෙන් සතියෙන් වාසය කරමින්
නුවනින් සලකාගෙන ඇස නම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා.
කණ,නාසය,දිව,කය යන ඉන්ද්‍රියයන් සංවර කර ගන්නවා...එය 
ධම්මපදයේ සඳහන් වෙන්නේ මේ ආකාරයට..

චක්ඛුනා සංවරො සාධු - සාධු සොතෙන සංවරො
ඝානෙන සංවරො සාධු - සාධු ජිව්හාය සංවරො
කායෙන සංවරො සාධු - සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු -   සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො භික්ඛු - සබ්බදුක්ඛා පමුච්චති

ඇස සංවර වීම කරගැනීම යහපත්ය. කණ සංවර වීම කරගැනීම යහපත්ය.
නාසය සංවර වීම කරගැනීම යහපත්ය. දිව සංවර වීම කරගැනීම යහපත්ය.
කය සංවර වීම කරගැනීම යහපත්ය. වචනය සංවර වීම කරගැනීම යහපත්ය.
සිත සංවර වීම කරගැනීම යහපත්ය. සෑම විටම සෑම තැනදීම 
සංවර වීම යහපත්ය. හැම තැනදීම සංවර වන කෙනා සියලුම දුක්ඛයෙන්
මිදේ...

බුදුරජාණන් වහන්සේ මෙතැනදී වදාරනවා ඇස ආදී ඉන්ද්‍රියයන් කෙරෙහි
සංවරයෙන් සංවර නොවී වසන කෙනාට ඇස නිසා කණ නිසා නාසය
නිසා දිව නිසා කය නිසා ඇතිවන කෙලෙස් දැවිලි දුක් දොම්නස් මේ මේ
ඉන්ද්‍රියයන් කෙරෙහි සංවරව වසන කෙනාට ඇති වන්නේ නැහැ කියලා..

සංවරව වසන්නේ කොහොමද??ඇසෙන් රූප දැකලා,කණෙන් ශබ්ද
අසලා, නාසයෙන් ගන්ධය විඳලා,දිවෙන් රසය විඳලා කයෙන් පහස
විඳලා ඒ කෙරෙහි නිමිති හෝ අනුනිමිති පහළ කරගන්නෙ නෑ කියලා.
මේ කාරණය හොඳටම පැහැදිලි කර දුන්නෙ භාගිය දාරුච්ඡේරියට..
දුටුවොත් දුටුවා පමණයි..ඇසුවොත් ඇසුවා පමණයි..දැනුනොත් දැනුනා
විතරයි..දැනගත්තොත් දැනගත්තා විතරයි..ඒ ක්‍රියාව එතැනින් අවසන්
කරන තැනැත්තා ඒ හේතුවලින් නැවත ඉපදෙන්නෙ නෑ කිව්වා..

මෙන්න මේ ආකාරයට සතියෙන් සංවරයෙන් ආශ්‍රව ප්‍රහානය කරන
ක්‍රමවේදයක් සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරනවා...

තවත් කොටසක් ඊලඟ ලිපියෙන් කථාකරමු...

2 comments:

Anonymous said...

It is good to learn theories. But collecting all sorts of knowledge will not help to achieve Moksha.One has to get rid of knowledge gathered and practically observe the mind and stop thought process.
Krishnamurti.

හේම ජයන්ත කොළඹගේ said...

නිවන ශාක්ෂාත් කරන එකම මාර්ගය සතර සතිපට්ඨානයයි.සතර සතිපට්ඨානය වැඩීමේ ප්‍රායෝගික මාර්ගය මේ ආශ්‍රව දුරුකිරීමයි..සිහියෙන් සහ නුවණින් වාසය කිරීමයි..ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ත්‍රී ශික්සාවයි..ශීල සමාධි ප්‍රඥා...