පසුගිය ලිපියෙන් අපි ආශ්‍රවයන් ගැනත් ආශ්‍රවයන් දුරු කෙරෙන
ප්‍රතිපදාව ගැනත් යෝණිසෝ මනසිකාරයත් අයෝණිසෝ
මණසිකාරයත් ගැන මූලික හැඳින්වීමක් ලබාගත්තා..
මෙතැනින් එය කියවන්න
ආශ්‍රවයන් දර්ශනයෙන් ප්‍රහාණය කිරීම
බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි..ආර්යය උතුමන්
නොදකින,ආර්යය ධර්මයෙහි අදක්ෂ,ආර්යය ධර්මයෙහි නොහික්මුණු,
සත් පුරුෂයන් නොදකින,සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ,සත්පුරුෂ
ධර්මයෙහි නොහික්මුණු, ඇසූපිරූ තැන් නැති පෘථග්ජනයා මෙනෙහි
නොකල යුතු ධර්මයන් මොනවාද කියා දන්නෙ නැහැ...මෙනෙහි
කලයුතු ධර්මත් දන්නෙ නැහැ...ඒ නිසා මෙනෙහි නොකල යුතු
ධර්මයන් මෙනෙහි කරමින් ඉන්නකොට මෙනෙහි කලයුතු ධර්මයන්
මෙනෙහි නොකරන විට එයාට නූපන් ආශ්‍රව උපදිනවා..උපන් ආශ්‍රව
වැඩිදියුණු වෙනවා කියලා...
එයා මොනවද වැරදි විධියට මෙනෙහි කරන්නෙ??
1. මම අතීතයේ හිටියද?
2. මම අතීතයේ හිටියෙ නැද්ද?
3. අතීතයේ මම කවුද?
4. අතීතයේ මම මොනවගේ කෙනෙක්ද?
5. අතීතයේ මම කොහොම ඉඳලා කවුරුන් වෙන්න ඇත්ද?
අතීතය ගැන එහෙම වැරදි දෘෂ්ඨියකින් බලමින් සැකයෙන් කල්පනා
කරනවා..අනාගතය ගැනත් එහෙමයි.
1. මම අනාගතයේ ඉඳියිද?
2. මම අනාගතයේ ඉන්නෙ නැද්ද?
3. මම අනාගතයේදී කවුරු වෙයිද?
4. මම අනාගතයේ මොනවගේ කෙනෙක් වෙයිද?
5. මම අනාගතයේ කොහොම වෙලා කවුරුන් වෙයිද??
වර්තමානය ගැනත් එයා ඒ විධියටම කල්පනා කරනවා.
1. මම දැන් ඉන්නවද?
2. මම දැන් නැද්ද?
3. මම කවුද?
4. කොයි වගේ කෙනෙක්ද?
5. මේ සත්ත්වයෝ කොහෙන් ආවාද?
6. කොහේට යනවද??
සැක ඇති වෙනවා..ඇති කරගන්නවා. මෙන්න මේ නිසා මෙයා
දෘෂ්ඨීන් වලට අහුවෙනවා..
1. මට ආත්මයක් තියෙනවා කියලා අහු වෙනවා
2. මට ආත්මයක් නැහැයි කියලා අහුවෙනවා
3. මේ ආත්මය මම විසින් හඳුනනවා කියා අහුවෙනවා.
4. මම විසින් අනාත්මය හඳුනනවා කියා අහුවෙනවා
5. අනාත්මයෙන් ආත්මය හඳුනමි කියා අහුවෙනවා...
මෙතැන තියෙන්නේ ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්
නිසා හැම විටම එයා අන්ත දෙකෙන් එකකට වැටෙනවා..
මේ කථාකරන, විඳින, හොඳ නරක ක්‍රියාවල විපාක විඳින ආත්මය
නිත්‍යයි ස්ථිරයි සදාකාලිකයි, නොපෙරලෙන සුලුයි, හැමදා එක
විධියට පවතීවි කියාත් දෘෂ්ඨියක් එයාට උපදිනවා..
ඒකට කියනවා...දිට්ඨි ගතය, දිට්ඨි ගහනය, දිට්ඨි කාන්තාරය,
දිට්ඨි විසූකය, දිට්ඨි විප්පන්දිතය, දිට්ඨි සංයෝජනය කියා....
මෙන්න දිට්ඨි බැම්මට බැඳුනු කෙනා එයින් මිදුනෙ නැත්නම්
ජාතියෙන් ජරාවෙන් මරණයෙන් දුක්ඛ දෝමනස්සයන්ගෙන්
මිදෙන්නෙ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා...
තවත් කොටසක් ඊලඟ ලිපියෙන්

No comments:
Post a Comment