නිවන අපේක්ෂා කරන සෑම කෙනෙක්ම
අනිවාරයයෙන්ම ප්‍රගුණ කල යුතු අනුගමනය
කල යුතු වැඩිය යුතු ධර්ම පරියායක්
බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ කාලයේදී
සැවැත් නුවරදී භික්ෂූන් උදෙසා මහා කරුණාවෙන්
සබ්බාසව සූත්‍රය නමින් දේශනා කලා.
හැඳින්වීම
සබ්බාසව සූත්‍රයේ දහම් පරියාය හතක් අඩංගුයි.
1. දස්සනා පහාතබ්බං - දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහානය
2. සංවරා පහාතබ්බං - ඉන්ද්‍රියය සති සංවරයෙන්
3. පටිසේවනා පහාතබ්බං - ප්‍රත්‍යවේක්ෂාවෙන්
4. අධිවාසනා පහාතබ්බං - ඉවසීමෙන්
5. පරිවජ්ජනා පහාතබ්බං- මගහැරීමෙන්
6. විනෝදනා පහාතබ්බං- බැහැර කිරීමෙන්
7. භාවනා පහාතබ්බං - බොජ්ජංග ධර්මයන් වැඩීමෙන්
ඒ නිසා මේ ධර්මයන් වැඩීමෙන් දියුණුවන මහත් බවට
විපුල බවට පත්වෙන ධර්මයන් හටගන්නවා.
1. දස්සනා පහාතබ්බං - සම්මා දිට්ඨිය,සෝවාන් මග
2. සංවරා පහාතබ්බං - සති සංවරය
3. පටිසේවනා පහාතබ්බං - ඥාණ සංවරය
4. අධිවාසනා පහාතබ්බං - ක්ෂාන්ති සංවරය
5. පරිවජ්ජනා පහාතබ්බං- ශීල සංවරය
6. විනෝදනා පහාතබ්බං- වීරිය සංවරය
7. භාවනා පහාතබ්බං - බොජ්ජංග ඉපදවීම
ආශ්‍රව
1.කාමාශ්‍රව 2. භවාශ්‍රව 3. අවිජ්ජාශ්‍රව 4. දිට්ඨියාශ්‍රව
ආශ්‍රව කියන්නෙ බොහෝ කොට බොහෝකලක් තිස්සේ
වැඩියෙන් ඇසුරුකල ඇසුරු කරමින් සිටින ඇසුරු කෙරෙන
භව පැවැත්මට ඇද දමන කෙලෙස් ධර්මයන් වලට.
බුදුරජාණන් වහන්සේ වදාලේ දන්න කෙනාට දකින කෙනාටයි
ආශ්‍රව ප්‍රහාණය කරන්න පුලුවන් වෙන්නේ කියලා. මොනව
දන්න මොනවා දකින කෙනාද??
මෙනෙහි කල යුත්ත සහ මෙනෙහි නොකල යුත්ත දන්න දකින
කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න හැකි වෙන්නෙ..
යමක් මෙනෙහි කිරීමෙන් නූපන් ආශ්‍රව උපදිනවා නම් උපන්
ආශ්‍රව වැඩි දියුණු වෙනවා නම් එය මෙනෙහි නොකල යුතුයි.
මෙනෙහි නොකල යුතු ඒ කල්පනාවන් මෙනෙහි කරනවා නම්
ඒකට කියනවා අයෝණිසෝ මණසිකාරය කියලා..
යමක් මෙනෙහි කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා නම් උපන්
ආශ්‍රව දුරු වෙනවා නම් එය මෙනෙහි කල යුතුයි.
මෙනෙහි කල යුතු ඒ කල්පනාවන් මෙනෙහි කරනවා නම්
ඒකට කියනවා යෝණිසෝ මණසිකාරය කියලා..
යෝණිසෝ මනසිකාරය තුලින් කොහොමද ආශ්‍රව දුරු කරන්නේ
කියා ඊලඟ ලිපියෙන් සලකා බලමු.

No comments:
Post a Comment