Pages

Sunday, September 23, 2012

තන්තිරිමලය පුදබිම



ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත පුන්‍ය භූමියක් ලෙස තන්තිරිමලය හදුන්වා දිය හැකිය.ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, දඹුල්ල,මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා වූ උරුමයකට උරුමනම් කියන වර්තමාන මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසම තුල පිහිටා තිබේ
තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ ඉපැරණි ජනාවාස වලින් එකක් පමණි.මහින්දාගමනයට පෙර සටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවති බවට තන්තිරිමලය ප්‍රදේශය ශාක්‍ෂි දරයි.මුල්භාගයේ සිට අනුරාධපුර යුගයේ අගභාගය දක්වාම විහිදෙන දීර්ග කාල පරිඡ්චේදයකට අයත්වන,
  • කැටයම් සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණ
  • ශිලා ලේඛණ
  • චිත්‍ර හා මූර්ති
  • මිනිසුන් භාව්තාකල මෙවලම්
  • ආගමික නිර්මාණ
මෙහිදී දැක බලාගත හැකිය.ජනප්‍රවාද සහ ඓකිහාසික මූලාශ්‍ර අනුව මෙහි සිට වයඹදිග මුහුදු වෙරළ දක්වා සක්‍රිය ජනාවාස පැවති බවට සාධක පවති. අනුරාධපුර නගරයේ සිට කි.මි. 36 පමන වයඹ දෙසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලය පුරාණ රජමහා විහාරය ඉපැරණි භෞද්ධ සිද්ධස්ථාන අතර කැපී පෙනේ.
බෝධීන් වහන්සේට දකුණුපසින් ඒ අසලම උස් කවාකාර හැඩයෙන් යුත් ගල් කුලෙහි අඩි 08 පමන උසට සමාධි පිළිම වහන්සේ නෙලා ඇත. කළු ගල්කුලකට ජීව ගුනය දී ‍සෞම්‍ය වු ශාන්ති සුවයෙන් වැඩහිසින මෙම ලිළිම වහන්සේ දෙපස තවත් පිළිම නෙලීමට සූදානම් කළ ගල් පුවරු වල නෙලීම් මදක් සිදුකෙට ඇත.එසේම එම ස්ථානයට ලගාවීමට පියලැට පෙළක අඩක් නිමවා ඇත.පිළිම වහන්සේගේ පහළ කොටසේ වැඩ නිමවා නොමැති බව ද දක්නට ලැබේ.පිහිටි කළුගල හාරා මතුකොට නෙලා ඇති මෙම පිළිම වහන්සේ උන්නත නර්මාණයකි.
පිළිම වහන්සේ දෙපසින් චාමරධාරී දෙවි වරුන් නිරූපනය වේ. පිළිමයේ සිරස් පතය ද නිර්මානය කොට ඇත. එමෙන්ම රැස් වලළු නිර්මානය කිරීමට සූදානම් කොට තිබූ බවක් දැකගත හැකිය. පිළිමයට පිටුපසින් මකර තොරණකි එහි බර උසුලනුයේ සින්හයන් දෙදෙනෙකු විසිනි. පිලිමයේ ආසන වාමන රූප වලින් අලන්කාර කොට ඇත. පිළිමය අව් වැසි වපින් ආරක්ශා කිරීමට පියස්සක් නිර්මාණය කොට තිබූ බවට පිළිමය ඉදිරිපස ඇති ගල් උළුවස්ස සහ ගල් කුළුණු සාක්‍ෂි දරයි.මෙම උළුවස්ස අලංකාර බොරදම් වලින් යුක්ත වේ.‍කරනලද කැණීම් වලින් මෙ‍ම පියස්සට උළු සෙවිලිකර තිබු බව අනාවරනය කරගෙන ඇත.එදා මෙදා තුල ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ලිදුම් ලබමින් වැජබෙන මෙම පිළිම වහන්සේට අව් වැසි වලින් සුළු හානි සිදුවී ඇති නමුත් එහි ශාන්ති ගුනයෙහි කිසිදු අඩුවක් වී නොමැත.අනුරාධපුර යුගයේ අග භාගයේදී නෙලීම ආරම්භ කර ඇති මෙම පිළිමයේ චීවරය සිරැරටම ඇලී ඇති ආකාරය නිරූනය කර ඇත.පොළොන්නරුව ගල් විහාරයේ සමාෂි පිළිම වහන්සේට බෙහෙවින් සමාන වේ.අනුරාදපුර යුගයේ අගභාගයේ දී එල්ල වූ සතුරු ආක්‍රමණ නිසා නිම කිරීමට නොහැකි වූ නිර්මාන පොළොන්නරැ යුගයේ දී තනා නිමකළා යැයි අනුමාන කල හැකිය.

අණුබුදු මිහිදු මාහිමියන් විසින් ශ්‍රී ලංකාවේ බුද්ධ ශසනය පිහිටුවීමත් සමග මෙහෙණි සස්නද පිහිටවීමේ අරමුණ ඇතිව සංගමිත්තා මහා තෙරණියෝ ලක්දිව වැඩි සේක.ඇයගේ ලංකාගමනයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාකාවද වැඩම කරවන ලදි.මෙම ඓතිහාසික පිරිවර යාපනය සහ මන්නාරම අතර දඹකොළ පටුන නම් ස්ථානයට ගොඩබටහ.ඒ අවස්ථාවේ දී දෙවැනිපෑතිස් රජු කරවටක් ජලයට බැස ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන්මුවා පාත්‍රයකට ඉමහත් හරසරින් පිළිගත්හ. එතැන් සිට අනුරපුරයට රාජකීය පෙරහරින් වැඩමකරවන ගමනේ දී එවකට තිවන්ක බමුණුගම නමින් හැදින් වූ මෙම ප්‍රදේශයේ පාලකා වූ තිවන්ක නම් බමුණු පාලකයා පිරිස සමග මල්වතු ඹය දක්වා පෙරගමන් කොට රජු ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගෙන තම ප්‍රදේශයේ වූ උසම ස්ථානය වූ මෙම ගල් තලාවෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු රාජකීය සහ පූජණීය පිරිසට පුද පූඩා පවත්වා නවාතැන් පහසුකම් හා ආගන්තුක පුද සත්කාර දක්වා ඇත.එම පූජණීය පිරිසට මිහිදු මහරහතන් වහන්සේ,සංගමිත්තා මහා රහත් තෙරණියෝ ඇතුළු සෙසු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ද දේවනම්පියතිස්ස රජු ඇතුව රාජකීය සේනාවද වූහ.එදින රාත්‍රියේ දී බෝධීන් වහන්සේ අහසට නැගී බුදුරැස් විහාදුවමින් පෙළහර පෑ බවද කියැවේ. පසුදින උදෑසන අනුරපුරයට වැඩමවූ බෝධීන් ‍වහන්සේ ඉමහත් හරසරින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදි.මෙම අවස්ථාවේ සී තවත් බෝධී ැංකුර 08 පැණ නැගී ඇත.එම බෝධි අංකුර රෝපණය කිරීමේ උත්සවයට දිවයනේ සිව්දෙස නියෝජනය කරමින් සියළුම රාජ්‍ය නායකයින් සහබාගී විය.තිවන්ක බමුණු තෙමේ ද ඒ අතර ප්‍රමුක විය.බුදුරජානන් වහන්සේගේ ප්‍රාතිහාරයක් සහ මිහිදු මහ රහතන් වහන්සේගේ තීරණයක් අනුව එම බෝද අංකුර 08න් එකක් තිවන්ක බමුණු තුමාටද හිමිවිය. බමුනුතුමා එම අංකුරය භක්තියෙන් පිළිගෙන පෙරහරින් සියරට වැඩමවා පලමු දින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම‍කර තැබූ ගල්තලා මස්තකයේ කවාකාර මන්ඩපයක් තනවා එහි රෝපනය කළ සේක. මෙම ඓතිහාසික සිදුවීමත් සමග සියළුම ප්‍රදේශවාසී සියළුම දෙනා බෞද්ධාගම වැලඳගත්හ. තමන් ලත් අෂ්ඨඵල බෝධි රුක්‍ෂය තම ප්‍රාණය දෙවැනිකොට ආරක්‍ෂා කරමින් පුද පූජා පැවැත්වූහ. එමෙන්ම පසු කාලයේදී බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට ශෛලමය බෝධිගරයක් ද කරවා ඇත. සිව් දෙසින් මල් ආසන ද කරවා තුබුනු බවට මෑතකදී කල කැණීම් වලින් අනාවරනය වී ඇත.බුදුපිළිම නෙලීමේ කලාව බිහිවීමට පෙර ගල් පුවරැ වල සිරිපතුල නෙලා එයට පුද පූජා පැවැත්වීමට පුරැසු වී සිටි බවත් එවැනි සලකුණු මේ අවට පවතින බව දැකබලා ගත හැකිය.අවුරැදු දහස් ලණනක් අව්,වැසි,සුළං හා වන සතුනගේ පීඩා ලද නමුත් බුදුන් වහන්සේගේ අධිෂඨානයකට අනුව මෙම අෂ්ඨඵල බෝධි රුක්‍ෂයානන් වහන්සේ අදටත් ජීවමානව වැඩ හිදීම ඉමහත් ආශ්චර්යයකි.දෙස් විදෙස් බැතිමතුන් මෙම බෝධීන් වහන්සේ අභියස ලබන මානසික සුවය අපමනය.ඇතමෙක් මෙහි ඇති ශාන්ති ගුණය නිසාම දින ගණන් බෝධි මූලයේ බවුන් වඩති.




විස්තරය සහ ඡායාරූප අන්තර්ජාලයෙන් හා සිංහල විකිපීඩියා වෙතින්


 

No comments: