Pages

Saturday, September 22, 2012

කර්මය සහ දැනුම


බුදුරජාණන් වහන්සේ විශ්වය තුල තිබෙන්නාවූ සෑම
ක්‍රියාවක්ම යථාස්වරූපයෙන් දැකගත්හ. 
ජීව අජීවී සෑම ක්‍රියාවක් සඳහාම ප්‍රතික්‍රියාවක් ඒ ක්‍රියා
ශක්තිය තුලින් ජනනය වන බව පැහැදිලි කලසේක.

ඒ සඳහා උන්වහන්සේ භාවිතකල වදන වූයේ කර්ම
නම් වචනයයි..සෑම කර්මයකටම ප්‍රතිඵලය ලෙස 
ආදීනව සහ ආනිශංස ඇතිවන බවත් එය පොදුවේ
ගත්කල විපාක නමින් හඳුන්වන බවත් සඳහන් 
වෙනවා..
අයිසැක් නිවුටන් නම් පෘතග්ජන විද්‍යාවේදියාද 
Every Action Has a Reaction කියා සිද්ධාන්තයක්
මෑත ඉතිහාසයේදී සොයාගත් බව උජාරුවෙන් 
පවසනවා. 
 නිවුටන් වෙනත් වචනයක් යොදවා  ඒ විශ්ව ක්‍රියාවලිය
එසේ හැඳින්වූවත් කර්මය ක්ෂය කෙරෙන විධිය හෝ
දිට්ඨධම්ම වේදනීය කර්මය ඇතුලු ඒ ඒ කර්ම ප්‍රභේදයන්
ගැන සවිස්තර සොයාගැනීමක් කිරීමට තවමත් 
නූතන බටහිර විද්‍යාව සමත්ව නැහැ..
එසේ හෙයින් මාගේ බුදුරජානන් වහන්සේ ගේ 
ප්‍රඥාව අනන්තයි..ආශ්චර්යයි...උන්වහන්සේ විසින්
දේශිත ශ්‍රී සද්ධර්මය ස්වාක්කාතයි..සන්දිට්ඨිකයි..
අකාලිකයි...ඕපනයිකයි....


No comments: