Pages

Wednesday, September 19, 2012

රූප විශ්ලේශණය - 02



මෙය රූප විශ්ලේශණය ලිපි පෙලෙහි දෙවැනි කොටසයි.
පළමු ලිපියෙන් අපි රූපයේ මූලික ප්‍රභේදයන් ගැන කෙටි
හැඳින්වීමක් කලා ඔබට මතක ඇති.
මුල් ලිපිය කියවා නැත්නම් මෙතැනින් කියවන්න..


මුලින්ම මහාභූත රූප හතර ගැන එහි සඳහන් කලා.
එය තවදුරටත් විස්තර කිරීම මේ ලිපියේ අදහසයි.
මහාභූත යනු කුමක්ද??
1.පඨවි 2.ආපෝ 3.තේජෝ 4.වායෝ
කොහේද මේවා පිහිටන්නේ?
මුලූ මහත් විශ්වයේ යම් තැනක අතට හසුවන දැනෙන
යම් තදගතියක් ගොරෝසු බවක් මෘදු බවක් මෙලෙක්
බවක් සියුම් තදගතියක් ඇත්ද ඒ ස්වභාවය පඨවි ධාතුවයි.
එය මහාභූතයි.විශ්වයෙහි එය හටගන්නා තැන්වල
කුදු මහත්ව පහළවෙයිද ඒ නිසා එය මහාභූතයි..ධාතු
යන වද‍න යොදන ලද අර්ථය වන්නේ එය සත්ත්ව
නොවන ස්වභාවයක් යන අර්ථයෙන්ය..
එය ශක්ති විශේෂයකට අයත්ය
යමක යම් ඇලෙන ඒ නිසා එක්ව පවතින ඇතුලතත්
බාහිරත් පැතිර තිබෙන ඇද ගැනීම උරාගැනීම 
ආපෝ ධාතු ස්වභාවයයි..එයද මහාභූතයි.
එය ශක්ති විශේෂයකට අයත්ය
යමක පවතින යම් උණුසුම් බවක් සිසිලසක් ඇති
ස්වභාවයත්..එයම යම්කිසිවක් පැසීම මේරීම
වර්ධනය දිරීම දිරවීම යන අභිවෘද්ධිය සහ පිරිහීම
ලක්ෂණ ප්‍රකට කරන ස්වභාවය තේජෝ ධාතු
ස්වභාවයයි..එයද මහාභූතයි..ශක්ති විශේෂයකට
අයත්ය..
යමක මතුපිට ඇතුලත පුම්බවන පුරවන පිරී පවතින
බව සහ හැකිලෙන හකුලවන ස්වභාවය සහ යමක්
යම් තැනකින් ඉදිරියට පසුපසට පැත්තට ඉහලට
පහලට තල්ලු කරවන ගෙනයන ඔසවන තබන
චංචල කරවන නිශ්චල කරවන ගමන් කරවන යම්
ස්වභාවයක් වෙයිද එය වායෝ ධාතු ස්වභාවයයි.
එයද මහාභූතයි..ශක්ති විශේසයකට අයත්ය.

මෙම මහාභූත වල ධාතු ස්වභාවයේ තවත් සුවිශේෂී
ලක්ෂනයක් තිබෙනවා..එනම් මේ කිසිම ධාතුවක්
එකිනෙකාගෙන් වියෝවී තනිව පවතින්නේ නොමැති
බවයි. ඒවාට තනිතනිව පැවතීමට හැකියාවක්ද නැත.

තද ගල් පර්වතයන් වලද, ජලයෙහිද,ගින්නේද, හමන
සුළඟේද ඇත්තේ මෙම ධාතු හතරෙහි සම්මිශ්‍රණයකි.

මහාභූත ධාතු ස්වභාවයන් යනු ඇසින් දැකිය හැකි 
කනෙන් ඇසිය හැකි නාසයෙන් දිවෙන් දැනිය හැකි
දේවල් නොවෙයි.  එමෙන්ම ඒවා අසවල් අසවල් 
තැන්වල සිට පවතිනවා කියන දෙය පනවන්නටත් 
බැහැ. එහි රූප ස්වභාවයක් හැඩයක් ගඳක් සුවඳක්
රසයක් පණවන්නටත් බැහැ.

මේ අයුරින් මහාභූතයන් සහ එහි ධාතු ස්වභාවයන්
කෙටියෙන් විස්තර කරන්නට පුලුවන්.
මේ පිලිබඳ වැඩි විස්තර අභිධර්ම පිටකයෙහි
ධර්ම සංඝනි ප්‍රකරණය රේරුකානේ මහනාහිමියන්ගේ
අභිධර්ම මාර්ගය,විදර්ශනා භාවනාව යන පොත්වලින්ද
දැකබලා ගන්නට හැකියි.

රූපය පිලිබඳ තවත් ලිපියකින් නැවත හමුවෙමු..



No comments: