අසා දැනගත් ධර්ම කරුණු යම් විධියකට වටහාගත්තද
ඒ වැටහීම මෙසේ සටහන් කරන්නේ මානයකින් නම්
නෙවෙයි..යමෙකුට මේ සටහන ස්වකීය අවබෝධය
පිණිස හේතුවේවා කියන පිරිසිදු චේතනාව සමගින්.
ඒක මෙහෙම දෙයක්.
අපි ඇසින් රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි ඇලුනොත්
ගැටුනොත් මුලා උනොත් කූඩුවක් තනාගන්නවා ඒ තුල
ඒ රූපය සමග ජීවිතය ගතකරන්න.කූඩුව කියන වචන
අර්ථය හරි වැදගත් වෙනවා.කූඩුව හෙවත් කැදැල්ල
අවශ්‍ය වෙන්නෙ නවාතැන් ගන්න.නතරව ඉන්න.
ජීවිතය ගෙවන්න.ඉතින් යම් රූපයක් දැකලා ඒ
රූපය සමග නවාතැන් ගන්න කූඩුවක් කැදැල්ලක්
හැදුවොත් මොකද වෙන්නෙ??ඒ තුල පදිංචි වෙනවා
නේද යම් කාලයකට.ඒ අතරතුර මැරුනොත්??
හිත කොහේද?නාමරූප කොහේද?අර කැදැල්ල තුල
නේද?එහෙනම් කූඩුව කැදැල්ල කියලා මම අදහස් කල
දෙය ඔබට වැටහෙනවා ඇති භවය කියලා.භවය සකස්
උනා නම් ඉපදෙනවා..ඒකට පටිච්ඡ සමුප්පාදයේ
පෙලගස්සනවා භව පච්චයා ජාති කියලා.ඉපදීමට මූලික
වන මූලහේතුව භවය උනත් භවය සකස් කරන්නේ අන්
කිසිවකින් නෙවෙයි අවිද්‍යා තන්හා දෙකෙනුයි.නොදන්නා
කම නිසා යමකට ඇලුනොත් බැඳුනොත් ඒ නිසාම
භවය සකස් වෙලා ජාතිය හටගන්නවා..
කනෙන් ශබ්දයක් අහලා..නාසයෙන් ගඳසුවඳ විඳලා
දිවෙන් රසය ලබලා..කයෙන් පහස විඳලා..
මනසින් සිතිවිලි සිතලා මෙහෙම කූඩුතනමින් ඒ කූඩු
තනන්නට විවිධවූ කායික මානසික ක්‍රියා කරමින් ඒ
කූඩු ඔපමට්ටම් කරමින් සිටීම තමයි ජීවිතය කියන්නෙ.
අතීතයේ සාදාගත් කැදැල්ලේ හිඳිමින් අපි අනාගත
කැදැලි හදමින් සිටින්නේ..ඒක එක මොහොතකටවත්
නතරවෙන්නේ නැහැ.අතීතය කියන අන්තයේ කූඩු හදනවා.
අනාගතය කියන අන්තයේ කූඩු හදනවා..අතීත කූඩු
අනාගතයට ගෙනයනවා..අනාගතයේ කූඩු අතීතයේ
තිබුනානම් කියා එතැනට යනවා..
තන්හාවට තවතවත් දාසයෙක් වෙමිනුයි මෙහෙම කරන්නෙ.
යමෙක් අතීත කියන අන්තයෙන් මිදිලා අනාගතය කියන
අන්තයෙනුත් මිදිලා මේ ගතවෙන ක්ෂණය දිහා සිහියෙන්
බැලුවොත් එයාට පෙනෙනවා කූඩු තනන්නෙක් නැහැ කියලා.
එයාට පෙනෙන්න ගන්නවා මෙතන තියෙන්නේ ආශ්‍රව ධර්මයන්
සහ කර්ම(ක්‍රියා)පමණයි කියා.අකාශ ධාතුව තුල
සතරමහා ධාතූන්ගේ සහ ශුද්ධාස්ඨක වල චලනයක් පමණයි
මේ ඇවිදීම නිදීම හිඳගැනීම යෑම් ඒම් වැඩකිරීම් ආදී සකලවිධි
ක්‍රියාවන්ම.එවිට එය කරන්නෙක් නැහැ කියලා වැටහෙනවා..
ඒ වැටහීම තුල තියෙන්නේ දැනගැනීමක් පමණයි.දැනගන්නෙක්
නැහැ.
.jpg)







